Member-only story

කාල යක්ෂ - 14— පුජා

Pathum Herath
6 min readJan 1, 2023

--

මෙතෙක් කතාව

Sombrero චක්‍රාවාටය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 31.1 පමණ දුරකින් පිහිටි ඇත. එහි වූ පැරදිසෝ නම් වූ ලොවක පිහිටි පෙරදිග රාජ්‍යය නෙමින්දෙර් රජු විසින් පාලනය කරනු ලබයි. නෙමින්දෙර් රජු සාමකාමී, තාක්ෂණයට ලැදි, සිය ජනතාව සහ රටේ සංවර්ධනය ගැන සිතන පාලකයෙකි. රසායනික මුලද්‍රවය මත දිවෙන ආර්ථිකයක් ඇති පෙරදිග රාජ්‍යයේ මුහුදු බඩ සහ පහතරට ප්‍රදේශ මේ වන විට තාක්ෂණිකව ඉතා දියුණු මට්ටමකට ළඟා වී ඇත.

තාක්ෂණයට සහ විද්‍යාවට ලැදි නෙමින්දෙර් රජු සිය රටවැසියාගේ හිතසුව පිණිස කැපවුනද, රටේ ව්‍යාපාරික ප්‍රජාව සහ ඇමති මණ්ඩලයේ සමහරක් රජුගේ දේශපාලනික සහ ව්‍යාපාරික තීරණ පිළිබඳව එතරම් ප්‍රසාදයක් නොදක්වයි. පැරදිසෝ ලෝකයේ අනෙකුත් දියුණු රටවල් අන්තර් චක්‍රාවාට වෙළඳාම සහ සංචාර මේ වනවිට පටන් ගෙන තිබුණු අතර පෙරදිග රාජ්‍යය තවමත් අන්තර් චක්‍රාවාට සංගමයේ සාමාජිකත්වය පවා ලබා නොගෙන සිටීම රජුගේ පාලනයේ ඇති දුර්වලතාවයක් බවට රාවයක් ද පැතිරෙමින් තිබේ.

කඳුකරය හෙවත් හයිලැන්ඩර්වරු සාම්ප්‍රදායික ජිවන රටාවකට හුරු වුනු සහ නවීනත්වය ප්‍රතික්ෂේප කරන, රසායනික මුලද්‍රවය තැන්පත් නිධි සහ වෙළඳාම මුලික කරගත් ජනකොටසකි. ඔවුන්ගේ පාලකයා ක්‍රොෆින්ගර් වූ අතර ඔහු සහ නෙමින්දෙර් රජු අතර නෑ සම්බන්ධකමක් තිබුණද එය එතරම් සුහද නොවීය. අතීතයේ සිදුවූ දේශපාලනික අර්බුධ වලින් පසුව ඔවුන් ෆෙඩරල් ක්‍රමයකට රටේ කොටස් දෙක පාලනය කළෝය.

බොහෝ කාලයක් තිස්සේ ජනවහරේ මිත්‍යාවක් ලෙස පැවති ස්කෘලොක් නම් මායාකාර රජෙකු සහ අතිශය දියුණු පුරාණ ශිෂ්ටාචාරයක් පිළිවඳව කතා බහ නැවත කරළියට පැමිණෙමින් තිබේ. නෙමින්දෙර් රජු මේ කතා ප්‍රතික්ෂේප කලද, කඳුකර වැසියන් සහ ක්‍රොෆින්ගර් සිය නැතිවී ගිය පුරාණ දැනුම සෙවීමේ සහ ස්කෘලොක් ට නැවත පණදීමේ උත්සාහයක යෙදේ. ක්‍රොෆින්ගර් ගේ අනුදැනුම යටතේ ප්‍රයිකුල් නම් සෙනෙවියෙකු විසින් මෙහයවන 60000ක පමණ සේනාවක් ස්කෘලොක් ගේ සොහොන සොයා යන මෙහෙයුමක නිරතවෙමින් සිටින අතර ඔවුන් ඉතා කෘර, අමනුෂ්‍යමය බලවේග සමග සටන් කරමින් සිටින අතර මේ වන විට සේනාවෙන් අඩක් පමණ මියගොස් ඇත.

ස්කෘලොක්ගේ සොහොන හමුවීමට සිදුවනවා යයි ජනප්‍රවාදයේ ඇති මාරක සිද්දීන් දෙකකට මුහුණ දී හෙම්බත් වී සිටින ප්‍රයිකුල්ගේ හමුදාව විවේක ගැනීමට එළිමහන් බිමක කුඩාරම් ගසන අතර, ප්‍රවාද වලට අනුව මාරක බලවේග තුනකට පසු ස්කෘලොක්ගේ සොහොන හමුවන බව වුවද ඉතිරිවී සිටි සෙබළුන ්සියලු දෙනා සුව නින්දකින් පසුව අවදිවේ. ස්කෘලොක් ගේ සොහොන සහ ඔහු සිටින ස්ථානය ගැන සෙබළුන් අතර විවිධ මත පළවේ. රාත්‍රියේ ඇතිවන දරුණු වැසි කුණාටුවකින් පසුව අවදිවන ප්‍රයිකුල් සිටින්නේ තමා පෙරදින රාත්‍රිය ගත කල ගල් ගුහාවට හාත්පසින් වෙනස් වූ සයනයකය.

මේ අතර සාමකාමී ලෙස පවතින පහතරට පෙදෙසේ නවීන ලේසර් සහ අධිතාක්ෂණික කිරණ පිළිබඳව විද්වත් තරුණියක වූ ද, නෙමින්දෙර් රජුගේ නෑයෙකු සහ ඔහුගේ දියණිය වූ නීෂා ගේ සමීපතම මිතුරියක වූ ඇලෙන්ඩි අතුරුදහන් වෙයි. මේ අතුරුදහන් වීමට සම්බන්ධව ඇලෙන්ඩි ගේ මිතුරන් වූ බ්‍රයිටෝ, කර්වියෝ සහ…

--

--

Pathum Herath
Pathum Herath

Responses (1)

Write a response