Member-only story

කාල යක්ෂ — 13- සියුම් රහස්

Pathum Herath
5 min readApr 30, 2021

--

12 වන කොටසට

11 වන කොටසින්

“ඔබ හිතනවට වඩා සිදුවන දේ සංකිර්ණයි.. හැමදේම ටිකෙන් ටික තේරුම් යයි..

“දැන්… ඔබගේ වෙහෙස නිවී ඔබ සූදානම් නම් අපිට පුළුවන් අපේ කටයුතු වලට යන්න.. ජඩ් හිඳ සිටි තැනින් නැගිටිමින් පැවසීය…”

“හ්ම්ම්.. මේ..මේ.. මගේ ඇඳුම.. මම ටිකක් අපහසුවෙන් ඉන්නෙ.. මේ ඇඳුම ඇදගෙන එලියට යන්න…”

ජඩ් ඇය දෙස බැලුවේය…

ඔබට ඔය ඇඳුම තිබීම වැදගත් වෙයි.. අපේ ඊළඟ කටයුත්තට..

“මොකක්….!!! “

අද එතැන් සිට …

ඇලෙන්ඩි සහ ජඩ් පිවිසියේ ගොඩ නැඟිල්ල්ලලේ ඉහල මාලයටය.. එහි වූ අලංකාර උද්‍යානය ඇලෙන්ඩි මින් පෙර කිසි දිනෙක දැක නොතිබුනු රමණීය ගස් වැල් සහ මල් වලින් යුතු විය.. දවසේ කුමන වේලාවදැයි කීමට නොහැකි තරමට උද්‍යානය තුල තිබුනේ ඉතාමත් සුවබර පරිසරයකි.. සිය දිවියේ ප්‍රථම වතාවට එවැනි පරිසරයක් දුටු ඇලෙන්ඩි වශීකෘත වී සිටියාය.

“ඔබ සිතන ඕනෑම කාලගුණයක්, ඔබට මේ උද්‍යානය තුල විඳින්න පුළුවන්… මේ ගස් වැල් ඔබගේ සිතැඟි තේරුම් ගන්නවා. ඒ අනුව ඔබට අවැසි විදියට ඒවා හැසිරෙනවා. ඒ සමගම පියඹා ගිය කුරුල්ලෙකු නැගු නාදය නිසා ඇලෙන්ඩි ඒ දෙස බැලුවාය. තවත් මනස්කාන්ත පක්ෂීන් රෑනක් හඬ නැගු කුරුල්ලා දෙසට එනු දුටු ඈ අයාගත් දෑසින් යුතුව ඒ දෙස බලා සිටියාය…

මේ ගොඩනැගිල්ල කොච්චර විශාලද ? මට හිතා ගන්න බැහැ මේ උද්‍යානය මේ තරම් ලොකුවට කොහොමද හදල තියෙන්නේ කියල.. අනිත් එක අර කුරුල්ලෝ… ගොඩක් ඈත ඉඳල ආව වගේ මට හිතුනේ..

ඒ අසා ජඩ් සිනා සුනේය… ඔබට ඉතාම හොඳ නිරීක්ෂණ හැකියාවක් තියෙනවා.

මේ ගොඩනැගිල්ල සෑහෙන විශාලයි… ඒවගේම මේක කෙලින්ම සම්බන්ධයි අර ඈතින් තියෙන වනාන්තරෙත් එක්ක

ඒ කොහොමද ?

ඔබ මදක් මේ උද්‍යානයේ ඇවිදින්න, ඔබේ සිරුරට මේ ආලෝකය, මේ සුළං, මේ සුවඳ දැනෙන්න ඉඩ හරින්න .. ඒ සමගම කල්පනා කරලා බලන්න මේ පරිසරය අපේ පැවැත්මට කොච්චර අවශ්‍යද කියන එක…

මේ ගස් වැල් එක්ක සම්බන්ධ වෙන්න… ඔවුන් ඔබට අපූරු ලෝකයක් පෙන්නාවි…

මම දැන් යනවා.. ඔබ ඇති වෙනකම් ඉන්න.. පහලට එන්න අවශ්‍ය වුණාම අර අපි ඇතුල් වුන තැන තියෙන ටර්මිනල් එකට දන්වන්න..

එසේ පවසා ජඩ් පිටව ගියේය…

සුන්දර පරිසරයෙන් වශීකෘතව සිටියද අලෙන්ඩිට අවශ්‍ය වුයේ මෙවැනි සංකීර්ණ මෙන්ම දැවැන්ත වනාන්තර පද්ධතියක් නිර්මාණය කිරීමේ තාක්ෂණික පසුබිම වටහා ගැනීමටය.. නිදහසේ සිටීමට ලැබී තිබුණු මේ අවස්තාව ගස් වැල් අතර ඇවිදිමින් ගෙවා දැමීමට ඇයට කිසිසේත්ම අවශ්‍ය නොවීය.

--

--

Pathum Herath
Pathum Herath

Responses (1)

Write a response